ටයිගර් ෂෙරොෆ් මරන්න හදලා

බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක වන ටයිගර් ෂෙරොෆ් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්රසහාරයක් එල්ල වුණු නමුත්, ටයිගර් ෂෙරොෆ් එයින් දිවි ගලවා ගත්තේය. ටයිගර් ෂෙරොෆ් රියදුරු වෙඩි ප්රරහාරයට ලක් වී තුවාල ලැබුවේය.
ටයිගර් ෂෙරොෆ්, එම වෙඩි ප්රෆහාරයට ලක්වූයේ මුම්බායි නගරයේ ජූහු පළාතේදීය. ඒ වනවිට ඔහු ඔහුගේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයෙන් රියදුරු සමග ගමන් කරමින් සිටියේය.
වෙඩි තැබීම කළේ ලෝරන්ස් බිෂ්නෝයි නමැති කල්ලියේ සාමාජිකයන්ය. ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය ප්රේහාරයේ වගකීම බාරගෙන ඇත.
ලෝරන්ස් බිෂ්නෝ කල්ලි සාමාජිකයන් තිදෙනකු යතුරු පැදියකින් ටයිගර් ෂෙරොෆ් මෝටර් රථය පසුපස පැමිණ, මෝටර් රථය මහමඟ නැවැත්වූ අවස්ථාවේ, යතුරු පැදියෙන් බැසගත් පිස්තෝලයක් අතැති එක් අයකු මෝටර් රථය අසලටම පැමිණ වෙඩි තැබීම කර ඇත.
එම දසුන් ජංගම දුරතකතනවල පටිගත වී ඇති අතර, ඒවා සමාජ මාධ්යු ඔස්සේ මේ වනවිට ප්ර සිද්ධියට පත් වී ඇත.
ටයිගර් ෂෙරොෆ්ගේ රියදුරු වෙඩි ප්ර හාරයෙන් තුවාල ලැබීය. ඊට අමතරව, තවත් අයකුගේ පපුවට වෙඩි ප්රාහාරයක් එල්ල වුණු බව ඉන්දීය මාධ්යව වාර්තා කර තිබේ.
වෙඩික්කරු ටයිගර් ෂෙරොෆ්ට වෙඩි තැබීමට සූදානම් වෙද්දී තුවක්කුව නිසි ලෙස ක්රි්යාත්මක නොවූ බැවින්, ටයිගර්ලේ පණ බේරුණු බව සිද්ධිය දුටුවෝ මාෂ්ය හමුවේ පවසා ඇත.
ප්රුහාරයෙන් සුළු වේලාවකට පසු, තමන් ලෝරන්ස් බිෂ්නෝයි කල්ලි සාමාජිකයකු ලෙස හඳුන්වා දෙමින්, අනිල් පන්ඩිට් නමැති තරුණයා හඬපටයක් සමාජ මාධ්ය වෙත මුදාහැරියේය. වෙඩි තැබීම කළේ තමන් යැයි පැවැසූ ඔහු වෙඩි ප්රැහාරයේ වගකීම බාර ගත්තේය.
ටයිගර් ෂෙරොෆ්, ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ ඉලක්කය වී ඇත්තේ, ඔහු බොලිවුඩ් සුපිරි තරුව සල්මාන් ඛාන් සමග හිතවත්කම් පැවැත්වීම යැයි පැවැසෙයි.
‘සල්මාන් ඛාන් එක්ක ඇයිහොඳයිකම් පවත්වන්න එපා. අප අවස්ථා ගණනාවකදී ටයිගර් ෂෙරොෆ් ට අවවාද කළා. ඒත් ටයිගර් ඒක ගණන් ගත්තේ නැහැ. දැන් ඔහුට පසු තැවෙන්න සිදුවේවි’ යැයි ලෝරන්ස් බිෂ්නෝ කල්ලිය, වෙඩි ප්රදහාරයෙන් පසු ටයිගර් ෂෙරොෆ් ට අනතුරු ඇගවීම් කර ඇත. ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ නායකයා ලෝරන්ස් බිෂ්නෝයි ය. මොහු කුප්රයකට අපරාධකරුවෙකි. ලෝරන්ස් බිෂ්නෝයි ගුජරාටයේ බන්ධනාගාරයක සිරදඩුවම් විදිමින් සිටී.
1998 දී සල්මාන් ඛාන් මිතුරන් පිරිසක් ද සමග දඩයමේ ගිය අවස්ථාවක, ‘බ්ලැක්බක්’ වර්ගයේ ඉතා දුර්ලභ ගණයේ, ඇන්ටිලොප් මුවකු මරා දැමීය. ‘බ්ලැක්බක්’ මුවන් ආරක්ෂා කරන, බිෂ්නෝයි නමැති සුළුතර වැසියන්ගේ විරෝධයට මෙය හේතුවක් විය. ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය සල්මාන් සමග උරණ වී සිටින්නේ ද මේ නිසාය.
ටයිගර් ෂෙරොෆ් සහ සල්මාන් ඛාන් එකට චිත්ර පටවල රඟපා නැත. ඒත් ටයිගර් සහ සල්මාන් අතරේ සමීප මිත්ර්ත්වයක් පවතී. ටයිගර් බොලිවුඩයට පිවිසුනේ සල්මාන්ගේ උපකාරයෙනි. ටයිගර්ගේ පියා ජැකි ෂෙරොෆ් ය. ජැකි ෂෙරොෆ් සහ සල්මාන් එකට චිත්රයපට රැසකට සම්බන්ධ වී ඇත.
වෙඩි ප්රවහාරයකට ලක්වූ ඉන්දීය බොලිවුඩ් නළු ටයිගර් ෂෙරෝෆ්ගේ සුව දුක් විමසීම සඳහා මහාරාෂ්ට්රම නියෝජ්ය් මහ ඇමති එකනාත් ෂින්ඩේ ටයිගර් ෂෙරෝෆ්ගේ නිවසට ගියේය. ප්ර හාරය හේතුවෙන්, නළු ටයිගර් ෂෙරෝෆ් කම්පනයෙන් පසුවන බවත්, ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමටත් කටයුතු කරන බව මුම්බායි පොලිසිය පවසා ඇත.
වෙඩි ප්රයහාරයෙන් තුවාල ලැබූ ටයිගර් ෂෙරෝෆ්ගේ රියදුරා කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔහු ප්රනතිකාර ලබමින් පසුවන බවත් පැවැසෙයි.

