කිම් ජොන් උන් යහතින් ඉන්නවා

උතුරු කොරියා නායක කිම් ජොන් උන් මියගොස් ඇති බවත්, ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කරන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන්ග් උතුරු කොරියාව පාලනය කරන බවත් සමාජ මාධ්ය ඔස්සේ පුවත් පළවෙයි.
ඒත්, මෙම පුවත් අසත්ය බව පෙන්වා දෙමින්, උතුරු කොරියානු රජයෙට් මාධ්ය නායක කිම් ජොන් උන්ගේ නවතම ඡායාරූප පෙළක් ප්රසිද්ධියට පත් කළේය.
එම ඡායාරූපවල දැක්වෙන්නේ නායක කිම්, කාන්තා ඇඳුම්, පාවහන් සහ අත්බෑග ප්රදර්ශනයක් නරඹමින්, ඇඳුම් පාවහන් සහ අත්බෑග් නිරීක්ෂණය කරන ආකාරයයි.
නායක කිම් ජොන් උන් මොළයේ රුධිර වහනයක් හේතුවෙන් හිටිහැටියේ රෝගී වී, මියගිය බව සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධියට පත්වූයේ ඇමෙරිකාවට පලාගොස් ඇමෙරිකාවේ ජීවත් වන උතුරු කොරියානුවකු වන වැංග් ජුන් ෂී නමැත්තාය. මොහු උතුරු කොරියාවෙන් පලා ගොස් ඇත්තේ කිම් ජොන් උන්ගේ උදහසට ලක්වීමෙනි.
මීට පෙර 2020 වසරේදී ද කිම් ජොන් උන් හෘද ශල්යකර්මයකින් පසු මියගිය බවට අසත්ය පුවතක් පැතිර ගිය අතර, පසුව ඔහු ප්රසිද්ධියේ පෙනී සිටි අතර, එම අසත්ය පුවත ප්රසිද්ධ කළ පාර්ශ්වයන්ට සමාව ගැනීමට පවා සිදුවිය.

