ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මිගෙල් ගැලාර්ඩෝ මියයයි

ලෝක ඉතිහාසයේ ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මෙක්සිකානු ජාතික මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ මියගිය බව පැවැසෙයි. 80 හැවිරිදි මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ මියයද්දී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේය.
‘ද ගෝඩ්ෆාදර්’ නැතිනම් ‘අපරාධ ලෝකයේ පියා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ගැලාර්ඩෝ, 1980 දශකයේ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරමේ ආධිපත්‍යය දැරූ අතිශය බලවත් ‘ග්වාඩලජාරා’ නමැකි අපරාධ කල්ලියේ නායකයාය.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම තුළ අදටත් ක්‍රියාත්මක වන නව සංවිධානාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරීම කළේ ගැලාර්ඩෝ යැයි ද පැවැසෙයි. 1989 වසරේ සිට ගැලාර්ඩෝ මෙක්සිකෝවේ බන්ධනාගාරගතව සිටියේය.

