ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දෙන්න කියුබාව සූදානම්



කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇගවීමත් සමග, ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දීමට කියුබාව මේ වනවිට සූදානම් වෙමින් පසුවන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියුබානු නිත්‍ය නියෝජිත අර්නෙස්ටෝ සොබෙරොන්

ඇමෙරිකන් හමුදා ආක්‍රමණයකදී කියුබාවේ ස්වෛරීත්වය රැක ගනිමින්, එරට ජනතාව ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ කාර්යය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියුබානු නිත්‍ය නියෝජිත අර්නෙස්ටෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා යැයි ට්‍රම්ප් පසුගිය මාස කීපය පුරාවට අනතුරු ඇගවීම් කර ඇත. ඉරාන යුද්ධය සම්බන්ධයෙන් එකගතාවක් ඇතිකර ගත් සැණින්, එම හමුදා ක්‍රියාමාර්ගයට යොමු වන බව ද ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.


RECOMMEND POSTS