2026 වසරේ වදන



‘ජෙන් සී’ සහ අවුරුදු 30 අඩු නව තරුණ පරපුර බහුලව භාවිත කරන ඉංග්‍රීසි වනදන් ලෙස සැලකෙන ‘මැක්සිං’ (Maxxing) නමැති වදන මෙම 2026 වසරේ, කැපී පෙනන වදන යැයි ‘ඩික්ෂනරි ඩොට් කොම්’ (Dictionary. com) වෙබ් අඩවිය පෙන්වා දෙයි.

වසරක් පාසා ‘ඩික්ෂනරි ඩොට් කොම්’ (Dictionary. com) මෙලෙස නව වදනක් ප්‍රසිද්ධියට පත් කරන අතර මෙම 2026 දී එම වදන වන්නේ ‘මැක්සිං’ (Maxxing) යැයි පැවැසෙයි.

‘මැක්සිං’ යන වදනේ අරුත ‘උපරිම’ යන අදහසය. මෙය ‘මැක්සිමයිසිං’ (Maximising) යන වදන කෙටි කිරීමකි. නව පරපුරේ තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වද්දී, ඔවුහු මෙම ‘මැක්සිං’ වදන නිරන්තරයෙන් භාවිතයට ගනිති.

        ‘ඩික්ෂනරි ඩොට් කොම්’ ගෲප් හි, ශබ්දකෝෂ අධ්‍යක්ෂ ස්ටීව් ජොන්සන් සඳහන් කරන්නේ, සෑම දෙයකින්ම උපරිම ඵල නෙලා ගැනීමට වර්තමාන සමාජය තුළ පවතින උනන්දුව මෙම වචනය හරහා නිරූපණය වන බවයි.

        මීට පෙර, 2024 වසරේදී, වසරේ වදන බවට පත්වූයේ ඩෙමියුර් (Demure) යන වදනයි.2025 වසරේ ‘සික්ස්ටි සෙවන්’ (67) යන පදය වසරේ වචන ලෙස ‘ඩික්ෂනරි ඩොට් කොම්’ විසින් තෝරා ගනු ලැබුණි.


RECOMMEND POSTS