ඉරාන ජනාධිපති රුසියාවේ



ගෑස් අපනයනය කරන රටවල සංසදයේ, 8 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් ඊයේ (27) රුසියාවට පැමිණියේය.

ඉරාන ජනාධිපතිවරයා ගෑස් අපනයනය කරන රටවල සංසදයේ සමුළුව ඇමතීමට ද නියමිතය. ඉරාන ජනාධිපතිවරයා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමගත්, සමුළුවට සහභාගී වන අනෙකුත් රටවල නායකයන් සමගත් සාකච්ඡා පැවැත්වීය.

ගෑස් අපනයනය කරන රටවල සංසදය යනුවෙන් හැඳින්වෙන්නේ ඉරානය, රුසියාව, කටාර් රාජ්‍යය සහ ඇල්ජීරියාව ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ස්වාභාවික ගෑස් නිෂ්පාදනය කරන රටවලින් සමන්විත රාජ්‍යයන් අතර සංවිධානයයි.


RECOMMEND POSTS