ඉතිහාසයේ මුල්වරට ජෝර්දානයට ඔලිම්පික් පදක්කමක්



ඉතිහාසයේ පළමු වතාවට ජෝර්දානයට ඔලිම්පික් පදක්කමක් හිමිකර දීමට විසි හැවිරිදි ජෝර්දාන් සිසුවෙක් සමත් විය. ඔහු නමින් අහ්මඩ් අබුගවූෂ්ය.

ඔහු මෙම දස්කම දැක්වූයේ රියෝ ඔලිම්පික් උළෙලේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ කිලෝග්‍රෑම් 68 පන්තියේ රන් පදක්කමක් දිනාගනිමිනි. ඔහු මෙම ජයග්‍රහණය අත්කරගත්තේඅවසන් වටයේදී රුසියානු ක්‍රීඩක ඇලෙක්සි ඩෙනිසෙන්කෝ පරාජයට පත්කරමිනි.

2012 ලන්ඩන් තරගාවලියේදී ලෝකඩ පදක්කමට හිමිකම් කියූ රුසියානු ක්‍රීඩක ඩෙනිසෙන්කෝ මෙවර ඔලිම්පික් තරගාවලියේදී 10 - 6ක් ලෙස පරාජය කිරීමට අබුගවුෂ් සමත් වීම කැපී පෙනෙන සිද්ධියක් විය.

‘ජෝර්දානයේ සමස්ත ක්‍රීඩා ඉතිහාසයේම පළමු ඔලිම්පික් පදක්කම දිනා ගත්විට ඇතිවුණු හැඟීම් වචනයෙන් විස්තර කළ නොහැකියි‘. ජයග්‍රහණයෙන් පසුව අදහස් දක්වමින් අබුගවුෂ් පැවසීය. ජෝර්ාදනය රටක් වශයෙන් මුල් වරට ඔලිම්පික් උළෙලකට සහභාගි වූයේ 1980 මොස්කව් නුවර පැවැති ඔලිම්පික් උළෙලේදිය.


RECOMMEND POSTS