27 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා



පුවත්පත් ක්ෂේත්‍රයට සහ ජනතාවට කළ සේවය වෙනුවෙන් පිරිනමන විශේෂ සම්මානය 
සිරි රණසිංහ මහතා

‘ලංකාදීප’ පුවත්පතේ හිටපු කර්තෘ  විජය පුවත්පත්  සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතා පුවත්පත් ක්ෂේත්‍රයට  සහ ජනතාවට කළ සේවය අගයමින්  27 වැනි ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘ඩී. ආර්. විජයවර්ධන’ සම්මානයෙන් පිදුම් ලැබීය. 

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල මෙවර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී  පැවැත්විණි. 

විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’ පුවත්පත අතුළු පුවත්පත් රැසක ප්‍රධානියා ලෙස කටයුතු කරමින් වසර 30 කට අධික කාලයක් මුද්‍රිත මාධ්‍යයට සහ ශ්‍රී ලාංකික ජනතාවට කළ සේවය අගයමින් සිරි රණසිංහ මහතා සම්මානයට පාත්‍ර විය. 

විජය පුවත්පත් සමාගමේ lankadeepa.lk හෙවත් ලංකාදීප එසැන වෙබ් අඩවිය සිංහල මාධ්‍ය පුවත් වෙබ් කුසලාන සම්මාන දිනාගත්තේය. 

දිනපතා ‘ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී භානුක අමරසිංහ ‘වසරේ ව්‍යාපාර සහ මූල්‍ය ජනමාධ්‍යවේදියා’ ලෙස සම්මාන ලැබීය. ‘ලංකාදීප’ පුවත්පතේ ෂර්ලි අනිල් ද සිල්වා සිංහල මාධ්‍යයේ වසරේ තීරු ලිපිය සඳහා වන ‘බී. ඒ. සිරිවර්ධන’ සමානය දිනාගැනීමට සමත් විය. 

මෙහිදී ජිවිතයේ එක්වරක් පමණක් හිමිවන සම්මාන චන්ද්‍රා ප්‍රනාන්දු, රොහාන් අබේවර්ධන, අනුර බණ්ඩාර රාජගුරු, අසෝක ගුණතිලක සහ ආරියරත්න ගනේගොඩ යන මහත්ම මහත්වරු ලැබූහ. 

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවූවාය. එම සම්මාන රාත්‍රිය නැටුම්වලින් ද වර්ණවත් විය. 

වසරේ හොඳම පුවත්පත් වෙබ් අඩවිය (සිංහල)
කුසලතා සම්මානය lankadeepa.lk


වසරේ හොඳම පුවත්පත් වෙබ් අඩවිය (ඉංග්‍රීසි)
කුසලතා සම්මානය dailymirror.lk සහ dailyft.lk


වසරේ හොඳම ව්‍යාපාර සහ මූල්‍ය වාර්තාකරණය (බී. ඒ. සිරිවර්ධන සම්මාන) සිංහල මාධ්‍ය 
භානුක නිම්න අමරසිංහ (ලංකාදීප පුවත්පත)


වසරේ හොඳම තීරු ලිපි රචකයා (බී. ඒ. සිරිවර්ධන සම්මාන)  සිංහල මාධ්‍ය
ෂර්ලි අනිල් ද සිල්වා (ලංකාදීප පුවත්පත)


වසරේ හොඳම මාධ්‍යවේදියා, මර්වින් ද සිල්වා සම්මාන
කමන්ති වික්‍රමසිංහ (ඩේලි මිරර්)


RECOMMEND POSTS