පැරදුණේ ඉරාන යුද්ධය නිසයි - ට්‍රම්ප් කියයි



ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය දිනා ගැනීමට තම රිපබ්ලිකන් පක්ෂය අසමත් වූයේ, ඉරානය සමග යුද්ධයකට පැටලීම නිසා ජනතා අප්‍රසාදයක් ගොඩනැගුණු බැවින් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

කෙසේ නමුත්, ඉරානය සමග යුද්ධයකට පැටලුණේ වෙන කළ හැකි දෙයක් නොතිබුණු නිසා බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය මධ්‍යවාර මැතිවරණයෙන් ලැබූ පරාජයට හේතුව ඉරානය සමඟ පවතින යුද්ධය බව ඇමෙරිකන් උප ජනපති ජේ.ඩී. වෑන්ස් ද පවසා ඇත. මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැන්ස්, සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මේ බව පැහැදිලි කර ඇත.

‘අප පරාජය වීමට හේතුව යුද්ධයයි’ යනුවෙන් ඔහු එහි සඳහන් කර ඇති අතර, ‘අප පරාජය වූයේ ඇයිද යන්න සියලු දෙනාම දන්නවා. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳ ඕනෑම අවංක සාකච්ඡාවක් ආරම්භ විය යුත්තේ එතැනින්’ යනුවෙන් ද වෑන්ස්ගේ එක්ස් පණිඩුඩයේ දැක්වෙයි.

මේ අතර, ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පරාජයක් අත්වූ පසුබිමක, ‘ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයායි’ යනුවෙන් සිහිපත් කරමින් ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර ඇත. 

ඒ, මධ්‍යවාර මැතිවරණයෙන් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය දිනූ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට අනතුරු අගවමිණි. ‘ප්‍රවේසම් වෙන්න. ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපති. ඒක අමතක කරන්න එපා’ යනුවෙන් එම සටහනේ දැක්වෙයි.

මේ අතර ඉරාන නායකත්වය පවසා ඇත්තේ මධ්‍යවාර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ගෙන් ගිලිහී ගොස් ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ට හිමිවුවත්, ඇමෙරිකානුවන්ගේ ඉරාන විරෝධී ප්‍රතිපත්තිල කිසිදු ආකාරයකින් වෙනස් නොවනු ඇති බවය.


RECOMMEND POSTS