මෙලානියා චීන ජනපතිට අතට අත නොදී ‘බායි’ කියලා



ඇමෙරිකා නිල සංචාරයක අවසන් කරමින් ෂී ජින්පින් සහ බිරිඳ, ආපසු යෑමට සැරැසෙද්දී, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපතිවරයාට අතට අත දී, සමුදුන් නමුත්, ට්‍රම්ප් බිරිඳ මෙලානියා එසේ අතට අත දීමක් කළේ නැත. ඇය කළේ චීන ජනාධිපතිවරයා සහ බිරිඳට ‘බායි’ කීම පමණි.

මෙය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන ජනාධිපති ජින්පින්, ජනාධිපති ට්‍රම්ප්ට අතට අත දී, පසුව මෙලිනියාට අතට අත දී සමුදෙන්න සූදානම් වෙද්දී, මෙලානියා අඩියක් පස්සට යන අයුරුත් ඉන්පසු ඇය ‘බායි’ කියන අයුරුත් දකින්න ලැබෙයි. එම දසුන් ඇතුළත් වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.


RECOMMEND POSTS