ෆයිසර් එන්නත තව මාස කිහිපයකින් මෙරටට



ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතේ මාත්‍රා තව මාස කිහිපයකින් මෙරටට ලැබෙනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව  සදහන් කර සිටී.

ඒ අනුව එම එන්නත් ලක්ෂ 9 ක් ලබන ජූලි මාසය වන විට ලංකාවට ලැබෙන එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. එම ඇමෙරිකා එන්නත් මෙරටට ලබා ගැනීම වන සාකච්ඡා සාර්ථක වූ බවද ඖෂධ සංස්ථා සභාපතිවරයා කීය.

අදාළ එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනයට ලෝක බැංකුව එකඟ වී ඇති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් කීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS