සෞදියේ රැදවුම් කදවුරුවල සිටි අවසන් ලාංකික 103 දෙනා ලංකාවට



සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා හි රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි තවත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 103 දෙනෙකු  දිවයිනට පැමිි බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එලෙස සෞදියේ රැදවුම් කදවුරු වල සිට රැගෙන අවසන් ලාංකිකයින් පිරිස මොවුන් වන බවත් , ඒ අනුව මොවුන් සවුදි ගුවන් සේවයේ SV 786 ගුවන් යානයෙන් ඉකුත්ර 19 වැනිදා ‌මෙරට පැමිණි බවද සෞදියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා පැවසීය.

සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , ජෙදාහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය විසින් සෞදි රජය හා ඒකාබද්ධව පසුගිය  අප්‍රේල් මස සිට ආරම්භ කරන ලද මෙම වැඩපිළිවල හරහා සෞදි රැදවුම් බාරයේ සිටි 180ක ලාංකික  පිරිසක් මේවන විට දිවයිනට එවූ බවද වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

දිවයිනට ගෙන්වා ගත් ඒම පිරිස අතර පිරිමි 131සහ ගැහැණු 49 ක් සිටින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ඉකුත් වසරේ ජූලි මාසයේ සිට මේ වන තුරු රැඳවුම් මධ්‍යස්ථානවල සිටි  334 ක්ද යළි ලංකාවට යැවීමට

සෞදි අරාබියේ වැඩබලන තානාපති මධුක වික්‍රමාරච්චි මහතා  ලංකාදීපයට අදහස් දක්වමින් කියා සිටියේ ‘ශ්‍රී ලාංකිකයන් මෙම ආකාරයෙන් රැඳවුම් මධ්‍යස්ථානයන් වෙත ගොනුවීම ඇත්තටම කණගාටුදායක කරුණක් වන බවත්, මෙම රැඳවුම් කඳවුරු වල සිට පැමිණි පිරිස බහුතරයක් දෙනා තමන් සේවය කළ නිවාසයෙන් පැන ගිය අය බවය.

එලෙස පැන යාමට විවිධ හේතු ඔවුන්ට බලපෑවද මේ සියලු දෙනාම සෞදි අරාබියේ නීතිය කඩ කිරීම නිසා මේ  ආකාරයෙන් රැඳවුම් මධ්‍යස්ථානවල මොවුන් රඳවා තබා ගැනීමට ප්‍රධාන හේතුවූ බවද වික්‍රමාරච්චි මහතා කීවේය.

යම් මුදලක් උපයා ගැනීමට ලාංකික ශ්‍රමිකයින් සෞදියට පැමිණියද වුවද  මෙයින් සමහරු වංචාකරුවන්ගේ කූට ක්‍රියාවන්ට හසුව මෙවැනි කරදර වලට පත්වන බැවින් වැනි කූට පිරිස් වලට හසුනොවන්නැයි  ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.

එසේම සෞදියේ රැකියා සදහා පැමිණි යම් කෙනෙකුට තමන්ගේ රැකියා ස්ථානයේ ගැටළුවක් පවතින්නේ නම් පළමුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන්නැයි ද ශ්‍රී ලංකා වැඩබලන තානාපතිවරයා මෙරට ශ්‍රමිකයින් ගෙන් ඉල්ලා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS