පාකිස්තාන මහ කොමසාරිස් හමුවෙයි



නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහ්මඩ් මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී අද (28) පැවැත්විණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දීර්ඝකාලීන හා ශක්තිමත් ද්විපාර්ශවීය සම්බන්ධතා සහ ආර්ථික, වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන සම්බන්ධීකාරක අස්මා කමල් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.


RECOMMEND POSTS