අයිතිවාසිකම් වැඩි කරන්න සාකච්ඡා



එක්සත් අරාබි එමිර් රාජයේ, ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මාර්ගයෙන් සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යංශය පවසා තිබේ.

දිනකට පැය අටක් නිදාගැනීමට අවස්ථාව, සතියකට දිනක් හෝ විවේක ගැනීම, ගුවන් බලපත්‍රය ඇපයට තබා නොගැනීම, ශ්‍රමිකයාට ජංගම දුරථනයක් තබා ගැනීමේ අවස්ථාව ලබාදීම, ශ්‍රමිකයාගේ නමින් පවතින ගිණුමකට වැටුප බැර කිරීමට පියවර ගැනීම මෙන්ම, ශ්‍රමිකයාට සිය ආහාර පිළියෙළ කරගැනීමේ අවස්ථාව උදාකරදීම ආදී කාරණා කෙරෙහි අවධානය යොමු විය.

එක්සත් අරාබි එමිර් රාජයට අයත් ඩුබායි, අබුඩාබි සහ සාජාහි, ශ්‍රී ලාංකිකයෝ දහස් සංඛ්‍යාවක් ගෘහ සේවය ඇතුළු සේවයේ නිරත වෙති.


RECOMMEND POSTS