ජපානයට කෘතඥතාව
කොවැක්ස් පහසුකම යටතේ ජපන් රජය ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.4 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම පිළිබඳව ජපාන රජයට හා එරට ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතඥතාව පළ කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතතා කියා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අගමැතිවරයාට ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලාංකීය ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම ඉල්ලීමට අනුව තමාගේ පෙන්වීම මත ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මැතිතුමා සමග එක්ව යුනිසෙෆ් සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම පරිත්‍යාගය ලබා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ බවද විදේශ අමාත්‍යවරයා කීවේය.
එසේම මෙම සදහා ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ද සහාය ලබා දුන් බවද හෙතෙම කීය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටි මෙරට 490,000ක් ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මෙම එන්නත් තොගය ප්රමුඛව යොදා ගනු ඇති බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් ජපානය පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ පළමු කොටස (700,000 වැඩි ප්‍රමාණයක්) භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ගුණවර්ධන මැතිතුමා මේ බව සඳහන් කළේය.
( තිළිණි ද සිල්වා)