ජපන් ශ්‍රී ලාංකිකයන්ගෙන් වෛද්‍ය උපකරණ



ජපානයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් ලබා දුන් ඇමෙරිකා ඩොලර් 225,000 ක් වටිනා කෝවිඩ් ආශ්‍රිත හදිසි වෛද්‍ය උපකරණ තොගයක් රජයේ රෝහල් 14 කට පරිත්‍යාග කළ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෙන්ටිලේටර්, ඔක්සිජන් නියාමක යන්ත්‍ර , මල්ටි පැරා මොනිටර්, සිරින්ජ පොම්ප,  එච්.එෆ්.එන්.ඔ යන්ත්‍ර   යන්ත්‍ර, බී.එම්.සී යන්ත්‍ර, ආදී අත්‍යවශ්‍ය උපකරණ අටක්  සදහා එම රෝහල් වල පවතින අවශ්‍යතාවයන් පිළිබද පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු අවශ්‍ය උපකරණ  ලබා දුන් බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

මෙම පරිත්‍යාගශීලීන් තමන් කැමති වෛද්‍ය උපකරණ අවසර ලත් ශ්‍රී ලාංකික සැපයුම්කරුවන්ගෙන් සෘජුවම තෝරා ගෙන, ඒවා  ඔවුන් කැමති රෝහලකට  පරිත්‍යාග කිරීමට තානාපති කාර්යාලය  ඉඩ සලසා දුන්නේය

එරට ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා විසින් හඳුන්වා දුන් මෙම විශේෂ වැඩසටහන යටතේ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය, ජපානයේ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය, කන්සායි ජපන් ශ්‍රී ලංකා ජාතික සංවිධානය සහ ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංගමය යන ජපානයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා සංගම් හතර , මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කළහ.

 නව කොරෝනා ප්‍රභේද වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ රෝහල්ගතව සිටින රෝගීන්ට ක්ෂණික ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් නොවීම නිසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා තම නිල නිවසේ දී ඒරට සිටින ලාංකික ව්‍යාපාරික ප්‍රජාව හමු වීමෙන් පසු  සති 3 ත් ඇතුළත අදාළ වෛද්‍ය උපකරණ ලබා දීම හැකිවූ බවද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS