ජනපතිට මෝදිගෙන් ඇමතුමක්



ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකතන සංවාදයක නිරත වෙමින් දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකතන සංවාදයක නිරත වුණා. කොවිඩ්-19 වයිරස වසංගතය සහ අපගේ ද්විපාර්ශවීය සහ බහුපාර්ශවීය සහයෝගීතාවට සම්බන්ධ කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා”.


RECOMMEND POSTS