රොබට් පැටින්සන් ජේම්ස් බොන්ඩ් වෙයි

මේ වනවිට හොලිවුඩ් සිමනාමේ කැපී පෙනෙන දක්ෂ නළුවකු ලෙස සැලකෙන රොබට් පැටින්සන්, මීළඟ ජේම්ස් බොන්ඩ් ලෙස නිල වශයෙන් තෝරාගෙන ඇත.
‘ට්වයිලයිට්’ චිත්‍රපට මාලාවේ ආදරණීය වැම්පයරයකු ලෙසත්, ‘ද බැට්මෑන්’ චිත්‍රපට මාලාව් බෲස් වේන් මෙන්ම බැට්මෑන් ලෙසත් රසික හදවත් දිනා ගත් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය නළු රොබට් පැටින්සන්, හොලිවුඩ් නිර්මාණ රැසක දැකිය හැකිය. අවසන් වරට ඔහුගේ රංගනය දකින්න ලැබුණේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ‘ඔඩිසි’ චිත්‍රපටයේය.
ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදනය කරන ‘ඇමසන් එම්.ජී.එම්.’ ස්ටූඩියෝ සමාගම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා, පැටින්සන් මීළග ජේම්ස් බොන්ඩ් යැයි නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග ඒ ගැන බොහෝ දෙනාගේ පැසසුමට හේතුවක් විය.
ඒ අනුව, 2028 දී තිරගත වීමට නියමිත 26 වන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ බොන්ඩ් ලෙස රොබට් පැටින්සන් දැකිය හැකිය. ලන්ඩනයේ උපන් රොබට් පැටින්සන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, ජේම්ස් බොන්ඩ් චරිතයට තමන් තෝරා ගැනීම තමන්ට ගෞරවයක් බවය. ජේම්ස් බොන්ඩ් ලෙස අවසන් වරට චරිත නිරූපණය කෙළේ ඩැනියෙල් ක්රේග්ය.

