පිටුවහල් කරන්න පොලීසිය පගාව අරන්

කුවේට් පොලිස් නිලධාරියකු අල්ලස් ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කුවේටයෙන් විදේශිකයින්ව පිටුවහල් කිරීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව කුවේට් පොලීසිය ප්රකාශ කළේ ය.
පෞද්ගලික වාසි තකා තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට පිළිගනිමින්, තමන් විසින් සිදුකරන ලද සියළු වැරදි පාපොච්චාරණය කර ඇත.
පොලිස් නිලධාරියා සිදුකර ඇති වැරදි සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේ ය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

