ගල්ෆ් සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවයි



ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය,ගල්ෆ් සහයෝගිතා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

එහි මූලස්ථානය ලෙස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නම් කිරීමට ගත් තීරණයේ වැදගත්කම එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය අවධාරණය කළේය.

ගල්ෆ් සහයෝගිතා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිහිටුවීමෙන් ගුවන් ක්ෂේත්‍රය තුළ ගල්ෆ් ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමට සහ එය වඩාත් සම්බන්ධීකරණයකින් හා එකමුතුකමකින් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා පැහැදිලි උපායමාර්ගික දිශාවක් පිළිබිඹු කරන බව එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය.

ගල්ෆ් රටවල පමණක් නොව කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ද ගුවන් ගමන් ක්ෂේත්‍රයේ පෙර නොවූ විරූ වර්ධනයක් නිර්මාණය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS