සූර් වු කත ඩුබායි පොලීසියට පහරදීලා
ඩුබායි නගරයේ බීමතින් සිටි කාන්තාවක් ඩුබායි පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් පහර දී ඇතිබව වාර්තා වේ.
අදාල පහරදීමෙන් පසු ඇයව අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ අධිකරණයට යොමු කර ඇත.
අරාබි ජාතික කාන්තාවක් වන ඇයට ඩුබායි අපරාධ අධිකරණය මාස හයක සිර දඬුවමක් සහ ඩිරාම් 2,000 ක දඩයක් නියම කර තිබේ.
සිර දඬුවම අවසන් වූ පසු ඇය පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)