සුලෙයිමාන් ෆකීහ් රෝහලට සම්මානයක්

සවුදි 'අදා සෞඛ්‍ය සම්මාන උළෙලේ' මාතෘ සාත්තු අංශයේ දෙවන ස්ථානය රියාද් හි ඩොක්ටර් සුලෙයිමාන් ෆකීහ් රෝහලට
සවුදි අරාබි සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද 'අදා සෞඛ්‍ය සම්මාන' (Ada’a Health Award) උළෙලේ 'විශිෂ්ට මාතෘ සාත්තු සේවා' (Excellence in Maternity Care) අංශයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට රියාද් හි ඩොක්ටර් සුලෙයිමාන් ෆකීහ් රෝහල සමත්ව තිබේ.
විශිෂ්ටතා අංශ 6 ක් යටතේ තරඟ වැදුණු සෞඛ්‍ය සේවා ආයතන 2,700 කට අධික සංඛ්‍යාවක් අතුරින්, මෙවර 8 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී සමස්ත සවුදියෙන්ම ඇගයීමට ලක්වූ හොඳම රෝහල් 25 අතරට තේරී පත්වීමට මෙම රෝහලට හැකියාව ලැබුණි. මෙම අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ කිං ෆහාඩ් වෛද්‍ය නගරය විසිනි.
රියාද් හි පිහිටි කිං ෆහාඩ් සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදී මෙම සම්මානය පිරිනමා ඇති අතර, 2023 වසරේදී එම රෝහල මඟින් ආරම්භ කරන ලද ඒකාබද්ධ මාතෘ හා ළමා ආරක්ෂණ සේවාව මෙලෙස ඇගයීමට ලක්ව ඇත.
පළමු ගැබිනි සායන පරික්ෂාවේ සිට ප්‍රසූතියෙන් පසු කාල සීමාව දක්වා මෙන්ම, නවජ බිළිඳාගේ උපතේ මුල් පැය කිහිපයේ සිට එන්නත්කරණය, වර්ධනය නිරීක්ෂණය සහ ළමා සායන දක්වාත් සපයනු ලබන පරිපූර්ණ සේවාව මෙම ඇගයීමට ප්‍රධාන වශයෙන් පාදක වී තිබේ.

