ෂාරුක් ඛාන් නමින් අහස සුරන මැදුරක්



ඩුබායි නුවර ඉදිවන මහල් 56 කින් සමන්විත කාර්යාලීය ගොඩනැගිල්ලක්, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට ගෞරව කිරීමක් ලෙස, ඔහුගේ නමින් නම් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව. මෙම කාර්යාල ගොඩනැගිල්ල ‘ෂාරුක්ස්’ යනුවෙන් නම් කෙරනු ඇතැයි පැවැසෙයි. මෙය ‘ඩනුබ්’ සමුහය අයත් ගොඩනැගිල්ලක් බව ද පැවැසයි. 

මෙම ගොඩනැගිල්ල ඉදි වන්නේ, එහි ඇතුළුවීමේ දොරටුව අසල අත් විදහාගෙන සිටින ෂාරුක් ඛාන්ගේ ප්‍රතිමාවක් සමඟ යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.


RECOMMEND POSTS