පලස්තීන සෞඛ්‍ය සේවකයෝ 1,700 ක් මැරිලා



හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා ගාසා තීරයට දිගට හරහට පහර දුන් කාලයේ, පලස්තීන සෞඛ්‍ය සේවකයන් 1,700 දෙනකුට දිවි අහිමිවුණු බව පලස්තීන ජාතික හෙද සහ පවුල් සෞඛ්‍ය සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පලස්තීන ජාතික හෙද සහ පවුල් සෞඛ්‍ය සංගමය මෙසේ පවසමින්, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ, ගාසා තීරයේ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසය.

මේ වන විට අතුරුදන්ව සිටින සෞඛ්‍ය සේවකයන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

යුද සමයේ පමණක් නොව තවමත් අඛණ්ඩව එල්ල වන ප්‍රහාර මෙන්ම ඖෂධ සහ වෛද්‍ය උපකරණවල පවතින දැඩි හිඟය නොතකා, ගාසා තීරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් තවදුරටත් රෝගීන්ට සහ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව එම සංගමය වැඩිදුරටත්  පෙන්වා දෙයි.


RECOMMEND POSTS