ඩොලර් බිලියන 39 ක නීතිවිරෝධි වත්කම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මෙහෙයවන ලද "Operation Confrontation Ghost" මෙහෙයුම මගින් වංචනික කටයුතුවලට සම්බන්ධ ඇමරිකානු ඩොලර් බිලියන 39කට වැඩි අරමුදල් සහ ඩිජිටල් වත්කම් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

සංවිධානාත්මක ඩිජිටල් මූල්‍ය වංචා මර්දනය කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයක කොටසක් ලෙස මෙම මෙහෙයුම ක්‍රිය්ත්මක කර ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 39කට වැඩි නීතිවිරෝධි අරමුදල් සහ ඩිජිටල් වත්කම් හඳුනාගෙන ඇති අතර, ලොව පුරා සිදුකිරීමට තැත් කළ අන්තර්ජාල මූල්‍ය වංචා උත්සාහයන් මිලියන 123.71කට වඩා වළක්වා ගැනීමට සමත්ව ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවන ලද මෙම මෙහෙයුම සඳහා රටවල් 30ක නීතිය බලාත්මක කිරීමේ බලධාරීන්, ජාත්‍යන්තර පොලිසිය (INTERPOL), ගෝලීය වංචා විරෝධී සන්ධානය (GASA) සහ තාක්ෂණය, ඩිජිටල් වේදිකා සහ මූල්‍ය සේවා සම්බන්ධයෙන් විශේෂඥතාවක් ඇති පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් 13 දෙනෙකු එක්ව සිටියහ.

මෙම මෙහෙයුමට සහභාගී වූ රටවල් 30 වන්නේ: එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, පිලිපීනය, කැනඩාව, නෝර්වේ, ජපානය, එක්සත් රාජධානිය, ඉක්වදෝරය, රුමේනියාව, කුවේටය, නේපාලය, උස්බෙකිස්තානය, ඩෙන්මාර්කය, මියන්මාරය, බ්‍රසීලය, ජෝර්දානය, ඉතාලිය, මාලදිවයින, සිංගප්පූරුව, ස්වීඩනය, චීනය, සෙනගාලය, ප්‍රංශය, බහරේනය, කසකස්තානය, ඉන්දුනීසියාව, ස්ලෝවැකියාව, කෙන්යාව, මොරොක්කෝව, නෙදර්ලන්තය සහ කොරියානු ජනරජයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS