ට්‍රම්ප්ට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්



ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ පිහිටි මාර් ආ ලාගෝ මන්දිරයේ විවේකීයව සිටින අවස්ථාවක, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින්, නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇතැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මොහොමද් ජාවෙඩ් ලරිජානී අනතුරු ඇඟවීමක් කර තිබේ.

මාර් ආ ලාගෝ මන්දිරය යනු කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප්ට අයත් පෞද්ගලික මන්දිරයකි. ට්‍රම්ප් රාජකාරිවලින් බැහැර වී විවේක ගැනීමට යන්නේ මාර් ආ ලාගෝ මන්දිරයටය.

වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ සිටිද්දී මෙන් නොව, මාර් ආ ලාගෝ මන්දිරයේ සිටියදී ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම පහසු බව ද ජාවෙඩ් ලරිජානී වැඩිදුරටත් පැහැදිලි කර ඇත.


RECOMMEND POSTS