ගුවන් ගමන් සීමා කරයි



කටාර් ගුවන් සමාගම මාර්තු 18 සිට 28 දක්වා සීමිත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ. ගුවන් කලාප වසාදැමීම හේතුවෙන් රට තුළ ගුවන්ගමන් සීමා කිරීමට සිදු වී ඇති බව ගුවන් සමාගම නිවේදනය කළේ ය.

ගුවන් මඟින්ට සහය වීමටත්, සිය ගමනාන්ත වෙත හැකි ඉක්මණින් ගමන් කිරීමට පහසුකම් සැලසීමේ අරමුණින් සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ඇති වී ඇති අනාරක්ෂිතභාවය ඉවත්වීමෙන් පසු සියළු ගුවන්ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ගුවන් සමාගම වැඩිදුරටත් නිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - දෝහා නුවර)

RECOMMEND POSTS