කිමිදෙමින් සිටි ඉන්දිය ජාතිකයා මරුට



ඩුබායි නුවර ජුමෙයිරා වෙරළ තීරයට ආසන්න මුහුදු තීරයේ කිමිදෙමින් සිටි ඉන්දියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 29 ක් වූ ඉන්දියානු ජාතික අයිසැක් පෝල් ඔලක්කෙන්ගිල් “ස්කූබා“ පළමු කිමිදුම් පුහුණු සැසියට සහභාගි වෙමින් සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී පසුව එය හෘද්‍යාබාධයක් දක්වා වර්ධනය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

අයිසැක් පෝල් ඔලක්කෙන්ගිල්ව හැකි ඉක්මණින් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට උත්සහ කළත්, රෝහල වෙත රැගෙන එන විටත් ජිවිතක්ෂයට පත් ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුවෙමින් පවතින අතර, දේහය ඉන්දියාවට යැවීමට කටයුතු සිදුවෙමින් පවතියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS