එමිරේට්ස් අසර්බයිජාන සාකච්ඡා



එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් සහ අසර්බයිජාන් ජනාධිපති, ඉල්හාම් අලියෙව් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති බව වාර්තා වේ.

අසර්බයිජාන් ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කළ සංචාරය අතරතුර මෙම හමුව සිදු වූ අතර, විශේෂයෙන් සංවර්ධනය, ආර්ථිකය, ආයෝජනය, ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය, තිරසාරභාවය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා කැපවීම දෙපාර්ශ්වයම නැවත අවධාරණය කර ඇත.

2025 ජූලි මාසයේදී දෙරට විසින් අත්සන් කරන ලද ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම ඔවුන්ගේ ආර්ථික සබඳතාවල ප්‍රධාන ඉදිරි පියවරක් නියෝජනය කරන බවත්, ඔවුන්ගේ දියුණු සංවර්ධන හවුල්කාරිත්වයේ රාමුව තුළ වැදගත් ප්‍රතිඵල ඇති කරන බව සාකච්ඡාවේදි සඳහන් කළහ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNonline - ඩුබායි නුවර)

RECOMMEND POSTS