එකම පවුලේ හතක් ඇතුළුව නවයක් මරුට

සෞදි අරාබියේ සිදු වු මාරක රිය අනතුරකින් එකම පවුලේ හත්දෙනෙකු ඇතුළු පුද්ගලයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
අල්-අහ්සා හි සිදු වූ මෙම දරුණු රිය අනතුරෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා ඇතුළුව පුද්ගලයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
අල්-උකයිර් අල්-උයුන් මාර්ගයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, එයින් එකම පවුලේ සාමාජිකයින් හත්දෙනෙකු සහ දෙවන රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරෙන් වාහන දෙකටම දැඩි හානි සිදුව ඇති අතර, සිද්ධියෙන් පසු හදිසි සහන සේවකයින් වහාම එම ස්ථානයට පැමිණ ඇත.
හදිසියේ මංතීරුව වෙනස් කිරීමට යෑම මෙම මාරාන්තික අනතුරට හේතුවී ඇති බව බලධාරීන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව නැගෙනහිර පළාත් ගමනාගමන දෙපාර්තමේන්තුව තහවුරු කළේ ය.

