ඉරානය සමග ගනුදෙනු අත්හිටුවයි



ඉරානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලැස්ටික් මිසයිල​දෙකක් එල්ල වීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය සමඟ සියලුම වෙළඳ සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන ඇත.

ඉරානයෙන් එල්ල වුණු බව පැවැසෙන එම බැලැස්ටික් මිසයිල දෙකෙන් එකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු සීමාවට පතිත විය. අනෙක පතිත වූයේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් මුහුදු සීමාවට ඔබ්බෙනි. මෙය තමන්ට එරෙහිව ඉරානය කළ සතුරු ක්‍රියාවක් යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය චෝදනා කරයි.

ඇමෙරිකා ඉරාන ගැටුමේ දී, එමිරේට්ස් රාජ්‍යය ඉරානයේ ඉලක්කයක් වී ඇත. ඒ ඇමෙරිකන් කඳවුරු එමිරේට්ස් රාජ්‍යයේ පිහිටා ඇති බැවිනි.

එමිරේට්ස් රාජ්‍යය ගත් තීරණය සම්බන්ධයෙන්, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයීල් බගායි පවසා ඇත්තේ, මිසයිල සම්බන්ධයෙන් ඉරානයට එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්, එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්ය.


RECOMMEND POSTS