ඉන්ධන මිලදී ගැනීමේ සීමා පනවයි



ඕමාන් රජය දේශසීමා ආසන්නයේ ඉන්ධන මිලදී ගැනිමේ සීමා පැනවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

දේශසීමාවල ආසන්නයේ පිහිටා ඇති පිරවුම්හල්වල අධික ලෙස පවතින ඉන්ධන ඉල්ලුම හේතුවෙන් ඉන්ධන තොග ඉක්මණින් අවසන් වීම පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

ඕමානය සිය දේශසීමා හරස් මාර්ගවල සිට කිලෝමීටර් 50 ක සීමාව තුළ පිහිටි පිරවුම්හල් සඳහා තාවකාලිකව ඉන්ධන මිලදී ගැනීමේ සීමාවන් පනවා තිබේ.

මේ අනුව, දේශසීමා ආසන්නයේ ඇති පිරවුම්හල්වලින් රියදුරන්ට එක් වරකට ලබාගත හැක්කේ උපරිම වශයෙන් ලීටර් 30 ක ඉන්ධන ප්‍රමාණයක් පමණි.

රටේ සෙසු ප්‍රදේශවල පිහිටි පිරවුම්හල් සඳහා මෙය අදාළ නොවන බව ජාතික සහනාධාර අධිකාරිය තහවුරු කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline මස්කට් නුවර)

RECOMMEND POSTS