ඉන්දීය බිලියනපතියකුට වසර 5ක සිරදඩුවමක්



ඉන්දියානු සම්භවයක් සහිත බිලියනපති ව්‍යාපාරිකු වන බල්වින්දර් සිං සහ්නිට සිරදඩුවම් ලබාදී ඇති  බව වාර්තා වේ.  

බල්වින්දර් සිං සහ්නි සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් සමඟ ඩිරාම් මිලියන 150 ක මුදලක් අයුතු ආකාරයෙන් ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් නඩු පවරා තිබේ.

මුදල් විශුද්ධිකරණයකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් එමිරේට්ස් අපරාධ අධිකරණය වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

සහ්නි සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු තවත් 32 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

ඩිරාම් මිලියන 150 ක මුදල රාජසන්තක කරන ලෙසත්, ඩිරාම් 500,000 ක දඩයක් නියම කරන ලෙස ඩුබායි අපරාධ අධිකරණය නියෝග කළේ ය.

ඔහුගේ සිර දඬුවම අවසන් වූ පසු රටින් පිටුවහල් කිරීමටද නියෝග කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS