පිලිපීන වැසියෝ 200 ක් පොලිසියේ



අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයේ සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත්17 වැනිදා පිලිපීනයේ මැනිලා අගනුවරට ගිය අවස්ථාවේදී, ට්‍රම්ප්ට විරෝධය පාමින්, මැනිලා අගනුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්විණි.

එම විරෝධතාවට, 10,000 ක පිරිසක් එක්ව සිටි බවත්, එයින් 200 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති, ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන ගිය යුද්ධය සහ එයින් සිදුවුණු ආර්ථික බලපෑම් මුල්කොට ගනිමින්, මැනිලා වැසියෝ මෙසේ ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා පැවැත්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා ඇත.


RECOMMEND POSTS