රුසියන් ප්‍රහාරයෙන් යුක්රේනයේ 33 ක් මරුට

යුක්රේනයේ සරණාගත මධ්‍යස්ථානයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගිනිකොනදිග යුක්රේනයේ පාසල් ගොඩනැගිල්ලක මෙම සරණාගත මධ්‍යස්ථානය පිහිටුවා තිබුණු බව පැවැසෙයි.
රුසියන් හමුදා මෙම ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ප්‍රහාර නවයක් එල්ල කළ බව ද පැවැසෙයි. රුසියන් යුක්රේන යුද්ධයේදී සිදුවූ දරුණුතම ප්‍රහාරවලින් එකක් ලෙස යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මෙම ප්‍රහාරය හඳුන්වා ඇත.
සපෝරිෂියා පළාතේ කොමිෂුවාකා ප්‍රදේශයේ පිහිටි මෙම පාසල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 50 ක් බව ද පැවැසෙයි. මෙම ගොඩනැගිල්ල යුද්ධයෙන් පීඩාවට පත්වුණු යුක්රේන සිවිල් වැසියන්ගේ සුභසාධන සහ ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් තිබුණු බව ද පැවැසෙයි.

