ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය වාර්තා අතරට

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය, ඇමෙරිකන් ඉතිහාසයේ මෙතෙක් පැවැත්වෙන වියදම් වැඩිම මධ්‍යවාර මැතිවරණය යැයි ඇමරිකන් මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යවාර මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා වැය වන සමස්ත මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 12 කට වැඩිය. 2022 වසරේ පැවැති මධ්‍යවාර මැතිවරණයේදී වැය වූ මුදලට සාපේක්ෂව එය සියයට 30ක වැඩි වීමක් යැයි ද පැවැසෙයි.
ඇමෙරිකන් ෆෙඩරල් මැතිවරණ කොමිසමේ දත්තවලට අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේ මැද භාගය වනවිටත් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 9.5 කට වැඩි මුදලක් වැය කර ඇත.
මෙවර මැතිවරණය සඳහා වැඩිම මුදලක් පරිත්‍යාග කළ පුද්ගලයා ලෙස ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ද මේ වනවිට වාර්තා අතරේ සිටී. මස්ක්, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් වියදම් කර ඇත.

