රුසියන් යානයක් කඩා වැටී 19 ක් මරුට



රුසියාවට අයත්, නිරිතදිග සයිබීරියාවේ කෙමරෝවෝ කලාපයේ, රුසියන් හමුදාවට අයත් ඇන්ටනෝව් ‘ඒ.එන්.12’ වර්ගයේ හමුදා ගුවන් යානයක් කඩා වැටුණි. 

යානයේ නියමුවන් ද ඇතුළු 19 දෙනකු සිටි අතර, ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. යානය කඩා වැටුණේ ජනශූන්‍ය ප්‍රදේශයකටය. යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

තාක්ෂණික දෝෂයක් නිසා යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ.
 


RECOMMEND POSTS