කතරේ සරු බිම

ඊජිප්තු කාන්තරයේ, ගිනස් වාර්තා අතරට ගිය, තාක්ෂණික නිර්මාණය ඇති බව ඔබ දන්නවාද? මේ නිර්මාණය, ලෝකයේ විශාලතම ජල පිරිපහදුව.කෘෂිකාර්මික සහ ගෘහස්ත අපජලය පිරිපහදු කරමින් භාවිතයට ගැනීමට මෙමගින් සිදුවෙයි.
දිනපතා ජලය කියුබික් මීටර් ලක්ෂ ගණනක් පිරිපහදු කිරීමේ හැකියාව මෙම පිරිපහදුව සතුය. එබැවින්, වියළි කාන්තාර භූමියේ අක්කර දහස් ගණනක සරුසාර වගාබිම් බවට පත් වී අවසන්ය. ඒ අනුව, පරිසරයට හානිකර අපජලය එකතු වීම වළක්වා ගනිමින්, ආහාර හිඟයට ස්ථිර විසඳුමක් ලබා දීමටත් මෙම පිරිපහදුවට හැකියාව ලැබී ඇත.

