කඩවසම් හාදයා

ඇත්තටම මේ කඩවසම් හාදයා දැකලා පුරුදුයි වගේද? ඒත් ඒක කීයටවත් වෙන්න බැරි දෙයක්. මේ රූපයේ සිටින්නේ ඩෙනිසොවන් මානවයෙකි. මේ හාදයා ජීවත් වුණේ මීට අවුරුදු 300,000ත් 40,000ත් ඈත අතීතයේය. අද අප ආසියා මහද්වීපය ලෙස හඳුන්වන භූමියේය.
ඩෙනිසොවන්, විද්‍යාඥයන්ට අබිරහසකි. හේතුව මේ මානවයන්ගේ පොසිල වුණු අස්ථි කොටස් සහ දත් හමුවී ඇත්තේ ඉතා ස්වල්පයක් බැවිනි.
මෑතකදී චීනයෙන් හමුවූ ඩෙනිසොවන් මානවයකුගේ හිස්කබලක කොටසක් සහ යටි හනුවක කොටස් කීපයක් පාදක කර ගනිමින්, චීන විද්‍යාඥයෝ පරිගණක තාක්ෂණය භාවිතයට ගනිමින්, ඩෙනිසොවන් මානවයකුගේ රූපයක් ප්‍රති නිර්මාණය කළහ. මේ රූපයේ සිටින කඩවසම් හාදයා ඒ ඩෙනිසොවන් මානවයාය.
නියැන්ඩතාල් මානවයන්ට සමාන වුවත්, ඩෙනිසොවන් මානවයන්ට ඔවුන්ට කියා ආවේණික ලක්ෂක බොහොමයක් ඇති බව මෙම රූපයෙන් පෙනී යයි.
Daily Mail ඇසුරිනි

