ඕමානයේදී ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

ගැඹුරු දියේදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය ශ්‍රී ලාංකික දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිද්ධියක් අද (09) ඕමානයෙන් සලාලාහ් නුවරින් වාර්තාවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඊයේ (08) සවස හයට පමණ සිය පවුලේ අය සමග ඕමානයේ සලාලාහ් නුවර විනෝද චාරිකාවක නිරතව සිටි ලාංකික ළමුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ගෙන් එක් අයෙකු රුවනි දිල්සරා හේරත් සමරවීර ලෙසින්ද අනෙක් දැරිය සෙයිනාබ් ලෙසින්ද තහවුරු කර ගෙන තිබේ. මොවුන් දෙදෙනාගේ රුවනි නැමැති ශිෂ්‍යාව සලාලාහ් හි ඉන්දීය පාසලේ ඉගෙනුම ලබමින් සිටින අතර අනෙක් දැරිය එහි පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇත.
මෙම දැරියන් දෙදෙනා සිය චාරිකාව අතර වාරයේදී කෙළිදෙළෙන් ගත කරමින් ජංගම දුරකථන වලින් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිට ඇති අතර අසල ඇති ගැඹුරු දිය කඩිත්තක් අසලදී දෙදෙනාම තවත් සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මෙම දියට වැටී ඇත.දියට වැටුණු මෙම දැරියන් දෙදෙනා එකිනෙකා ගේ උදව් ඇතිව දියෙන් ගොඩ ඒමට බොහෝ උත්සාහ දරා ඇති බැවද සිද්ධිය ඇසින් දුටුවෝ ප්‍රකාශ කර ඇත.නමුත් එම උත්සාහ ව්‍යවර්ථ වී ඇත.
පිරිසක් පැමිණි එම ලාංකික දැරියන් දෙදෙනා බේරා ගෙන ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් සිසුවියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව සිටියහ.
( තිළිණි ද සිල්වා )
ටයිම්ස් ඔෆ් ඕමාන් ඇසුරෙනි.

