අබු ඩාබි උෂ්ණත්වය අද අංශක 20ටත් අඩු වේ

අබුඩාබි නුවර අද (20) රාත්‍රිය පුරා ඝණ මීදුම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, එය හෙට (21) දිවා කාලය පුරාවට ද පවතිනු ඇති බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.
එම මීදුම් කාලගුණය හේතුවෙන් සිසිලසක් සහ සීතලක් හටගනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති. මේ අතර ඩුබායිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 තෙක් පහළ යනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උතුරුදිග පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 තෙක් පහළ යනු ඇතැයි ද කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
අරාබි ගල්ෆ් කලාපයේ සහ ඕමාන් මුහුද ආශ්‍රිත මුහුදු වෙරළේ විනෝදවීමට යන පිරිස් සිටී නම්, ඔවුන්ට පැහැබර සහ හිතකර කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව ද පැවැසෙයි.
මෙම කාලගුණය සෙනසුරාදා දිනය තෙක් බලපැවැත්වෙනු ඇති බවත් වෙරළාශ්‍රිත ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 20 ක සුළඟක් අපේක්ෂා කළ හැකි බවත් පැවැසෙයි.

