අබිරහස් ඩ්‍රෝන යාත්‍රා නිසා ඩුබායි- සාජා ගුවන් තොටුපොළවල් පැයකට වැසේ

ඩුබායි සහ සාජා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉහළ අහසේ හදුනානොගත් අබිරහස් ඩ්‍රෝන යානයක් පියාසර කිරීම හේතුවෙන් එම ගුවන් තොටුපොළවල්වල ගුවන් ගමන්සේවා පෙරේදා (29දා) පැයකට ආසන්න කාලයක් ඇන හිටි බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ලෝකයේ කාර්යබහුලම ගුවන්තොටුපළවල් අතුරින් එක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවතොටුපළේ සේවා කටයුතු මෙලෙස ඇණ හිටයේ ඉකුත් 29 වැනිදා රාත්‍රී 7.25 සිට 8.49 දක්වා කාලය තුළදීය.
එසේම මෙම කාලය තුළදීම සාජා ගුවන්තොටුපොළ ආසන්න ඉහළ අහසේ මෙවැනිම අභිරහස් ඩ්‍රෝන යානයක් පියාසර කර ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ගුවන්තොටුපළේ කටයුතුද පැයකට ආසන්න කාලයක් නතර කළ බවය එම අධිකාරිය පවසයි.
මෙම ඩ්‍රෝන යානා එම ගුවන්තොටුපළවල් ආසන්නයෙන් පියාසර කරවීම සදහා කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවත් ඩුබායි ගුවන්තොටුපළේ ආරක්ෂක තත්ත්වය තමන්ට ප්‍රමුඛත්වය වූ බැවින් ,ආරක්ෂිත පියවරක් ලෙසින් මෙලෙස පැයකට ආසන්න කාලයක් ගුවන්තොටුපළ වසා දැමීමට පියවරගත් බව එම ගුවන්තොටුපළ බලධාරීන් ට්විටර් සමාජ ජාල සේවා ඔස්සේ ගුවන් මගීන්ට දැන්වීය.
මාස පහක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනී සිද්ධියක් වාර්තාවූ තෙවැනි අවස්ථාව වන අතර ඉකුත් ජුනි 12 වැනිදාත් , ඉකුත් සැප්තැම්බර් 28 වැනිදාත් මෙවැනි ආකරයෙන් අභිරහස් ඩ්‍රෝන යානායක් ඩුබායි ගුවන්තොටුපළ අවට පියාසර කර තිබිණි.
මෙම සිද්ධීයත් සමග එක්ස්ත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කරනු ලැබුවේ ඩ්‍රෝන යානා මිලදී ගන්නා හා භාවිතා කරන්නන් ඒ සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි කඩ කරන්නේ නම් ඊට අදාළව දැඩි නීතිරීති පැනවීමට සිදුවන බවය.
වසරකට ගුවන් මගීන් මිලියන 78 ක් පියාසර කරන ඩුබායි ගුවන්තොටටුපළෙන් සියයකට ආසන්න ගුවන්සේවාවන් වලින් ගුවන් ගමනාන්ත 260ක් දක්වා ගුවන් යානා පියාසර කරනු ලබයි.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි............

