ෆේස් බුක් පණිවිඩය බහරේන් ගෘහ සේවිකාව බේරයි

බහරේනයේ මිනිස් ජාවාරම් කල්ලියක් විසින් පැහැර ගනු ලැබූ ගෘහ සේවිකාවක්, ෆේස්බුක් හරහා යැවූ පණිවිඩයක් මගින් එම කල්ලියෙන් බේරුණු පුවතක් බහරේනයෙන් වාර්තා වේ.
මෙම ගෘහ සේවිකාව බහරේනයට පැමිණ වැඩි කලක් නැත. ඇය බඩු ගෙන ඒම සඳහා නිවසින් බැහැරව ගිය අවස්ථාවදී, ඇයට ඇගේම රටේ වෙනත් කාන්තාවක් හමුවී ඇත. එම කාන්තාව පවසා ඇත්තේ තමා සමඟ ආවොත් වැඩි වැටුප් සහිත හොඳ රැකියාවක් සොයා දෙන බවය. ගෘහ සේවිකාව එම කියමන විශ්වාස කර, ඇයට රැවටී ඇයත් සමඟ ගොස් තිබේ.
එම කාන්තාව ගෘහ සේවිකාව ගෙන ගොස් ඇත්තේ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහාය. ඒ බව වැටහුණු සැණින් ගෘහ සේවිකාව එතැනින් පැන ගොස් ඇති නමුත්, ඇය මිනිස් ජාවාරම් කල්ලියට කොටු වූවාය.
කාමරයක සිරකර සිටිද්දී, වාසනාවකට මෙන් වයිෆයි සංඳා ලැබුණු නිසා සඟවාගෙන සිටි ඡංගම දුරකතනයෙන් ෆේස්බුක් ඔස්සේ ගෘහ සේවිකාව ඇගේ යෙහෙළියට තමාට වුණු අකරතැබ්බ දන්වා ඇත. එහෙත්, තමා සිරවී සිටින්නේ කොහෙදැයි කීමට ඇය නොදත් අතර, මාර්ගයේ සංඥා පුවරුවක් ඡායාරූපයට නගා යෙහෙළියට යවා ඇත.
මෙම යෙහෙළිය ඇය රැකියාව කළ නිවසේ සිටින දෙවැනි සේවිකාවය. නිවසේ හිමිකරු 50 හැවිරිදි පුද්ගලයකු වන අතර. ගෘහසේවිකාව නිවස හැර ගිය බවට ඒ වනවිටත් පොලිසියට දන්වා තිබුණි. යෙහෙළියට සමාජ ජාල ඔස්සේ ලැබුණු පණිවුඩය පසුව පොලිසියට පෙන්වන ලදී. ඒ අනුව, අසීරු මෙන්ම පුළුන් මෙහෙයුමකින් පසු කාමරයක සිරකළ එම ගෘහ සේවිකාව බේරා ගත් බවත්, මිනිස් ජාවාරම් කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගත් බවත් බහරේන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පවසයි.

