ඉරානය පුනර්ජනනීය බලශක්තියට නැඹුරුවේ.

ඉරානය පුනර්ජනනීය බලශක්තියට නැඹුරුවේ. සාම්ප්‍රදායික බලශක්ති උත්පාදනයෙන් මීදි පුනර්ජනනීය බලශක්තිය නිදපවීම කෙරෙහි ඉරාන රජයේ අවධානය යොමුවී ඇත.
මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ සාම්ප්‍රදායික බලශක්ති නිෂ්පාදනයෙන් ඇතිවන අහිතකර බලපෑම් මගහරවා ගැනීමටයි.
අනිකුත් රටවල් මෙන් ඉරානයද පුනර්ජනනීය බලශක්තිය ලෙස සූර්ය ශක්තිය යොදාගනීයි.
ක්‍රමක්‍රමයෙන් සූර්ය ශක්තියෙන් බලශක්තිය නිෂ්පාදනයට නැඹුරුවෙමින් ඇත.
ඒ සදහා ඔවුන්ට හොද පරිසරයක් ඉරානය තුළ නිර්මාණය වී තිබේ.
ඉරානය උතුරු අක්ෂාංශ 25-40 අතර පිහිටා ඇත. අවුරුද්දේ දවස් 365න් 300ක්ම හිරු රශ්මිය හොදින් ඉරානයට වැටෙයි. ඒ අනුව ඉරානයට වර්ග මීටරයකින් කිලෝ වොට් පැය 6ක් නිපදවීමේ හැකියාව ඇත.
මෑතකදි සූර්ය බලය නිෂ්පාදය සදහා අවශ්‍ය වන උපාංග සවිකිරීම සදහා ජර්මනිය, එංගලන්තය, චීනය, ස්විඩව්, ඔස්ට්‍රේලියාව යන රටවල් සමග ගිවිසුම් අත්සන් කරන ලදී.
ජානක ප්‍රියදර්ශන ජයතිලක

