දමාම් රැඳවුම් කඳවුරකදී ශ්‍රී ලාංකික තරුණියක් මිය ගිහින්



සෞදි අරාබියේ දමාම් නුවර රැඳවුම් කඳවුරකදී ශ්‍රී ලාංකික තරුණියක මිය ගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම තරුණිය ගේ මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණයක් මේවන විට පැවැත්වෙන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මාස කිහිපයක් මුළුල්ලේ වේතනය නොලැබීම පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ ඇය සේවය කළ නිවසේ හාම්පුතුන් ඇයට පහර දී, ඉන් අනතුරුව ඇය නීති විරෝධී රැඳවියන් වෙසෙන කඳවුරකට භාර දී ඇති බවත් මියගිය තරුණියගේ මිතුරියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.

 කෙසේ නමුත් එම චෝදනා මෙතෙක් ඔප්පු වී නැතැයිද පැවසේ.

කරුණු සොයා බැලීමට මේවන විටත් තානාපති නිලධාරීන් කඳවුර බලා ගොස් ඇති බවද සදහන් වේ.

සිකුරාදා සෞදි අරාබියේ නිවාඩු දිනයක් බැවින් ඉක්මනින්ම පශ්චාත් මරණ පරීක්ෂණය ඉතා ඉක්මනින්ම පැවැත්වෙනු ඇති බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS