කොරියානු වන්දි හිමි නාමලේඛනය කාර්යංශ වෙබ් අඩවියේ



කොරියානු රක්ෂණ වන්දි පිරිනැමීම සදහා සුදුසුකම් ඇති අයගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියේ (slbfe.lk) මේ දිනවල පළ කර ඇත.

එහි නම සදහන් වන්නේ නම් වන්දි මුදල් සදහා අයදුම් කළ හැකිවන්නේ යැයි එම වෙබ් අඩවියේ සදහන්ව ඇත.

මෙම වන්දි සදහා සුදුසුකම් ලබා ඇතැයි නම් සදහන් පුද්ගලයින් විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපතක්, බැංකු ගිණුමක පිටපතක්, හා විදේශ ගමන් බලපත‍්‍රයේ කොරියාවෙන් පිටත් වූ දිනය ස`දහන් පිටුවේ පිටපතක් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පිහිටි මානව සමුපත් සංවර්ධණ ආයතනය වෙත බාර දීමෙන් රක්ෂණ වන්දි ලබා ගත හැකිය. 

මේ සම්බන්ධ වැඩි තොරතුරු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ 011 2886945 දුරකතන අංකයෙන් විමසීමෙන් දැනගත හැකි බව එම වෙබ් අඩවියේ සදහන්ව ඇත.  

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS