අයි.එස්. අළුගෝසුවා ඉරාක ගුවන් ප්රහාරයකින් මරුට

අයි එස් ත්රස්තවාදී කණ්ඩායමේ දරුණුතම අලුගෝසුවෙක් ඉරාක ගුවන් ප්රහාරයකින් මිය ගිය බව ඊයේ (2) වාර්තාවිය.
මෙය සිදුවී ඇත්තේ ඉරාකයේ කිර්කුක් පළාතේ හවීජා නගරයේ අයි.එස්. ත්රස්තවාදීන් සිටි ස්ථානයකට ඉරාක ගුවන් ප්රහාරයක් එල්ලවූ අවස්ථාවේදිය. ඉරාක වැසියන් මෙම කුරිරු පුද්ගලය හඳුන්වා ඇත්තේ කළු ඌරා යන අන්වර්ථ නාමයෙනි.
කළු ඌරා විසින් බෙලි කපා මරා දමන ලද පුද්ගලයන්ගේ ඥාති පවුල් සිය ගණනක් මෙම ප්රවෘත්තිය ඇසීමෙන් පසුව මහත් ප්රීති ඝෝෂා නැගූ බව වාර්තා විය.
පසුගිය මාසයේ අග භාගයේදී ඉරාක ගුවන් හමුදාව උපාය මාර්ගික වශයෙන් වැදගත් නගරයක් වන හවීජා වෙත දරුණු ගුවන් ප්රහාරයක් එල්ල කළේය. එයි.එස්. ත්රස්තවාදීන් විසින් පත් කරන ලද හවීජා නගරාධිපති අබු නසාර් අල් සුබායි ඇතුළු අයි .එස්. ත්රස්තවාදීන් 13ක් එම ප්රහාරයෙන් මිය ගියහ.
හවීජා නගරයට නැගෙනහිරින් පිහිටි ප්රධාන නගරයක් වන අල් ෂිර්කාත් නගරය ඉරාක හමුදාව විසින් ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරගන්නා ලද්දේ ඉතා මෑතකදීය.

