සෞදි අරාබියට මත් පෙති ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයකු ඇතුළු 3ක් අල්ලති



ඇම්පෙටමින් පෙති මිලියන 3.5ක් සෞදි අරාබියට ගෙනයෑමට උත්සාහ දැරූ ශ්‍රීලාංකිකයෙකු හා සිරියානු ජාතිකයන් දෙදෙනෙකු සෞදි හා එක්සත් අරාබි එමිරේට්ස් මත්ද්‍රව්‍ය කාර්යංශ මගින් එකතුව කරන ලද මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙම පුද්ගලයින් තිදෙනා විසින් කන්ටේනර් 3ක මිලියන 3.5ක් වූ ඇම්පෙටමින් පෙති වෙනත් බඩු අතර සගවා සෞදි අරාබිය තුලට රැගෙන යෑමට උත්සහ දරා ඇත.

මෙම ජාවාරම අල්ලා ගැනීම සදහා විදෙස් රටවල ආයතනවල සහයෝගය ලැබුණු බව  අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

සල්වා දේශ සිමා පිවිසුමේදි කරන ලද මෙහෙයුමකින් පකිස්ථාන ට්‍රක්රථ රියදුරෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 2.9ක් සමග අල්ලාගැනීමට පොලීසියට හැකිවී තිබෙන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  

(ජානක ප්‍රියදර්ශන ජයතිලක)


RECOMMEND POSTS