සම්ප්‍රදාය කැඩූ සෞදි තරුණියට මරණ දඬුවම දෙන්නැයි ඉල්ලීමක්



සෞදි සම්ප්‍රදාය සහ කාන්තාවන්ට පනවා ඇති නීති උල්ලංගනය කරමින්, හිස ආවරණය නොකර, ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ ඡායාරූපයක් පළ කළ සෞදි තරුණියකට මරණ දඬුවම ලබා දිය යුතු යැයි බොහෝ සෞදි වැසියන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.
එම තරුණිය මලාක් අල් ෂෙහ්රී ලෙස මේ වනවිට හඳුනා ගෙන ඇත. කාන්තාවන්ට පනවා ඇති නීති කිසියම් කාන්තාවක උල්ලංගනය කරන්නේ නම්, ඇයට මරණ දඬුවම හෝ ජීවිතාන්ත සිර දඬුවමක් හෝ හිමිවෙයි. සෞදි වැසියන් බොහෝ දෙනා සෞදි රජයෙන් ඉල්ලා ඇත්තේ මලාක් අල් ෂෙහ්රීගේ හිස ගසා දැමිය යුතුයි බවටය.
මලාක් අල් ෂෙහ්රී අවදානම දැන දැන එසේ ඡායාරූප පළ කිරීම ගැන බොහෝ බටහිර මානව හිමිකම් සංවිධාන ඇයට ප්‍රසංශා කර ඇත. මේ අතර ඇතැම් බටහිර පුවත් සේවා ඇය වීරවරියක යැයි හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත.

(සෞදි පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS