වැඩි හිනා හොඳ නෑ

මොන දේත් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියනවානේ. හිනාව අපේ ශරීරයටත්, මනසටත් හිතකර දෙයකි. ඒත් ඔබ දන්නවද, අධික ලෙස සහ පාලනයකින් තොරව සිනාසීම ඇතැම් අවස්ථාවල ජීවිතයට අනතුරුදායක විය හැකිය. මෙය ඉතා දුර්ලභ තත්වයක් වුවත්, දිගින් දිගටම තදින් කොක්හඩලා සිනාසීම, ඇතැමුන්ගේ ශරීරයට අමතර පීඩනයක් ඇති කළ හැකිය.
අධික ලෙස සිනාසෙන විට සාමාන්‍ය පරිදි හුස්ම ගැනීම අපහසු විය හැක. හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය ද හදිසියේ ඉහළ යා හැකිය. විශේෂයෙන්ම හෘද රෝග හෝ වෙනත් සැඟවුණු සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයන්ට මෙය වැඩි අවදානමක් ඇති කරන බව වෛද්‍ය මතයයි. ඇතැම් අවස්ථාවල සිහිසුන් වීම, හුස්ම ගැනීමේ අපහසුතා සහ බරපතළ හෘද සංකූලතා පවා ඇති විය හැකිය.
මල්මි පඹසරා
Science Alart ඇසුරිනි

